Friday, September 20, 2024

පුත්තලම සහිරා නිරෝධායන මධ්‍යස්ථානය හිස්වෙයි

Must read

පසුගිය මාර්තු 29 වනදා ආරම්භ කල පුත්තලම සහිරා ජාතික පාසලේ ක්‍රියාත්මක වූ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අවසන් පිරිසත් සිය නිරෝධායන කාලය අවසන් කර පිටව යාමත් සමග එම නිරෝධායන මධ්‍යස්ථානය තුල මේ වන විට කිසිදු පුද්ගලයෙකු නිරෝධායන ක්‍රියාවලියට ලක් වන්නේ නැත.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයන් 98 දෙනෙකු නිරෝධායනයට ක්වූ අතර ඉන් 16 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට හා මුල්ලේරියාව නැගෙනහිර මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමු කෙරිණි.

නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් සහිරා ජාතික පාසලේ අධීක්ෂණ කටයුතු සිදුකරන ලද්දේ යුධ හමුදාව විසින් වන අතර සෞඛ්‍ය කටයුතු භාරව කටයුතු කරන ලද්දේ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුලු කාර්යමණ්ඩලය විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article