කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වූ රාගම පෞද්ගලික රෝහලක කළමණාකාර අධ්‍යක්ෂකවරයාගේ දරුවෙකුට උපකාරක පන්ති පැවැත්වූ පිළියන්දල ප්‍රදේශයේ ගුරුවරියක් හා ඒ සදහා සහභාගී වූ කහතුඩුව ප්‍රදේශයේ 65 දෙනෙකුට සිදුකල පීසීආර් පරීක්ෂණ වලදී එම පිරිසට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.
තවදුරටත් එම පිරිස දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් කීය.