නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන විමුක්ති කොටි ( TMVP ) පක්ෂයේ සහාය ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබේ.
මේ වන විට පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගතව සිටීන අතර ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාව මඩකලපුවේ දේවස්ථානයක් තුළ ඝාතනය කිරීම සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් පසුගිය දිනවල දැඩි ජාතිවාදී කළබලයක් මෙරට තුල ඇති කිරීමට උත්සහ දැරූ සියලු පාර්ශවයන්ගේ සහය මෙවර මැතිවරණයේදි පොහෝට්ටුවේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභට රාජපක්ෂක වෙත හිමිවීම මගින් එම කළහකාරී මත වැපිරීමේ පිටුපස සිටි දේශපාලන හස්තය දැන් නිරාවරණය වී ඇත.

