Friday, September 20, 2024

පැය 28ක ජල කප්පාදුවක්

Must read

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(13) රාත්‍රී 08.00 සිට පැය 28ක කාලයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

ඒ අනුව කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට සහ කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ සඳහා හෙට රාත්‍රී 08.00 සිට අනිද්දා මධ්‍යම රාත්‍රී 12.00  දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කරයි.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජල කාන්දුවක් පිලිසකර කිරිම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article