Friday, September 20, 2024

පාස්කු ප්‍රහාරයේ විමර්ශණ අසම්පූර්ණයි – නීතිපති

Must read

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකර ඇති විමර්ශන සහ ඉදිරිපත් කර ඇති කරුණු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා පොලිස්පතිවරයා වෙත ඊයේ (9 වැනිදා) දැනුම් දී ඇති බව වාර්තා වෙයි. මේ බව දැනුම්දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිටු 30ක ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.

නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සදහන් කර සිටියේ ප්‍රහාරය  සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයා මගින් ලබාගන්නා ලෙසටද, එම වාර්තාවේ සාක්ෂිකරුවන් සහ අදාළ පාර්ශ්ව ලබාදී ඇති සාක්ෂි සහ අනෙකුත් ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය නම් සාක්ෂි සටහන් කර ගන්නා ලෙසද පාස්කු ප්‍රහාරයේ නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන් දී ඇති බවය

නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට යොමු කර ඇති ලිපියට අනුව අදාළ උපදෙස් අධ්‍යයනය කර ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article