Tuesday, January 14, 2025

පාසල් සිසුන් සදහා පලමු වාර විභාගය නැවැත්වීමට රජයේ අවධානය

Must read

කෑගල්ල මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් වැඩබලන අධ්‍යාපන ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත්තේ පාසල් සිසුන් සදහා වසරකදී වාර විභාග දෙකක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවයි.
ඒ අනුව පලමු වාර විභාගය නොපවත්වා වසර මැද හා අවසාන වාර විභාගයන් පමණක් පැවැත්වීමට අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි වන්නේ පාසල්වලින් බවත්, නමුත් වසරේ මුල් මාස වල පැවැත්වෙන ක්‍රීඩා තරග සදහා දෙමාපියන් මෙන්ම දරුවන්ද මැලි කමක් දක්වන්නේ පළමු වාර විභාගයෙන් හොද ලකුණු ලබාගැනීමට නොහැකි වේ යැයි යන බිය නිසා බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article