Friday, September 20, 2024

පාසල් තුල වෙන වෙනම විවේක කාල ලබාදීමට තීරණයක්

Must read

පාසල් නැවත ආරම්භ කල පසු පාසල තුල සිසුන් ඒකරාශී වීම වැළැක්වීම සදහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් වෙත උපදෙස් දී ඇත. එමෙන්ම පාසල් නිමවන අවස්ථාවන් වලදී හා ආරම්භ වන අවස්ථාවන් වලදීද සිසුන් ඒකරාශී වීම වැළැක්වීම සදහා කටයුතු කරන මෙන්ද පාසල් වෙත දන්වා ඇත.

පන්ති කාමරයක් තුල සිසුන් දෙදෙනෙකු අතර පරතරය මීටර් එකක් දුරස්ථ ලෙස තබා ගැනීම සඳහා ඩෙස්ක් පුටු හා  පන්ති කාමරය සකස් කර ගන්නැයි ද පන්ති කාමරයේ ප්‍රමාණ්‍ය අනුව යෙදිය හැකි උපරිම සංඛ්‍යාව ඉක්මවා නොයන පරිදි කටයුතු කරන්නැයි ද පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර ඇත.

එමෙන්ම වැසිකිල කැසිකිලි භාවිතයේ දී මීටර් එකක දුරස්ථභාවය පවත්වාගෙන යාම සදහා එක් සිසුවකු වැසිකිලි කැසිකිලි භාවිතයෙන් පසු පිටතට පැමිණි පසු තවත් අයෙක් එහි යායුතු බවට සිසුන් දැනුවත් කරන්නැයි ද වැසිකිලි වැඩි සංඛ්‍යාවක් ඇති විට පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට සිසුන්ට උපදෙස් දෙන්නැයි ද පාසල් බලධාරින්ට උපදෙස් දී තිබේ.

පාසල් විද්‍යා පරික්ෂණ සහ දන්ත සායන නැවත දැනුම් දෙන තුරු නොපවත්වන ලෙසත් රැස්වීම් ස්පර්ශගත ක්‍රීඩා අධ්‍යාපන චාරිකා, ස්පර්ශගත විෂ්‍ය භාර ක්‍රියාකාරකම් හෝ සිසුන් කණ්ඩායම් ලෙස ඒකරාශි විය හැකි අවස්ථා වැළැක්වීමටත් කටයුතු කරන ලෙස ද පාසල් ප්‍රධානීන් ට දැනුම් දී තිබේ.

එමෙන්ම පාසල් දරුවන් රැගෙන යාම සදහා මව්පියන් පාසල් ගේට්ටුව අසල රැඳී සිටීමෙන් වළක්වා ගැනීම සදහා වරකට මව්පියන්ගෙන් එක් අයෙක් පමණක් පාසලට එන ලෙස දැන්වීමට ද කටයුතු කරන්නැයි පාසල් බලධාරින්ට උපදෙස් දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article