පාර්ලිමේන්තුව කැඳවන දින අගමැති අසුන හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවැසීය.
ඔහු මේ අදහස් පළකර සිටියේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
පාර්ලිමේන්තුව කැඳවූ විට අගමැති අසුන හිමිවිය යුත්තේ කාටදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
“නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති නායකත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි” යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ අගමැති අසුන කාටදැයි තර්කයක් නැති බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලෙස කතානායකවරයා විසින් පිළිගෙන තිබෙන බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.