Monday, January 13, 2025

ප්‍රීමා හා සෙරන්ඩිබ් වෙතින් තිරිගු පිටි ඒකාධිකාරය බිද දමන්නට රජයේ අවදානය

Must read

මේ වන විට ලෝක වෙළද පොලේ තිරිගු පිටි යොන් එකක මිල ඇමරිකන් ඩොලර් 250ක් පමණ වන බවත් ඒ අනුව තිරිගු පිටි සදහා වන දේශීය අනුපාතය තරමක් මිල අධික බවත් වෙළද හා පාරිභෝගික කටයුතු පිලිබදව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා සදහන් කරයි. එම මිල අඩු කරන ලෙස සමාගම් වෙත දැනුම් දී ඇති බවත් ඔවුන් කුමන ක්‍රියාමාර්ග ගනු ඇත්දැයි පරික්ෂා කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

මේ වන විට බහුජාතික සමාගම් දෙකක් වන ප්‍රීමා හා සෙරන්ඩිබ් යන ආයතන ද්විත්වය මෙරටට තිරිගු පිටි ආනයනය කරන අතර එම සමාගම් සතුව පිවතින තිරිගු පිටි ඒකාධිකාරය අහෝසි කිරීමේ අරමුණෙන් තිරිගු පිටි සදහා වන තීරු බදු ලබන සතියේ සිට 35%කින් පහත දැමීමට රජය තීරණය කර ඇති බව වාර්ථා වෙයි. ඊට අමතරව ලබන වසරේ සිට තිරිගු පිටි ආනයනය කිරීම සදහා වෙනත් සමාගම් සදහා අවසර ලබාදෙමින් තිරිගු පිටි වෙලදපොල විවෘත කිරීමට රජය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article