ප්‍රති ත්‍රස්ත පණත ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කොට උතුරේ සහ නැගෙනහිර පසුගිය 25වෙනිදා පැවති සාර්ථක හර්තාලය දකුණේ ඇතැම් ප්‍රගතිශිලින් හට සැබෑ ආශ්වාදයක් ජනිත කර ඇති බව පෙනේ.
දකුණට ඇයි ඒකාබද්ධ ශක්තිමත් විරෝධතා ප්‍රකාශ බැරි යැයි කියන කරුණද සමාජ මාධ්‍ය තුල හුවමාරු වන අයුරු අප නිරික්ෂණය කලෙමු.
එකල වාහන වල STP යැයි ස්ටිකරයක් අලවා තිබුනු බව බොහෝ අයගේ මතකයේ ඇතිවාට සැක නැත.
ඒ අකුරු තුනට එදා විහිළුට කියා තිබුනේ ස්ටාර්ට් තල්ලුවෙන් පමණයි යැයි කියාය.
දකුනේ අරගලද ඒවගේය.
ත්‍රස්ත පණතට එරෙහිව දකුණ අවදිවුයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් ඒ පණත තුල කොටු කරගත් පසුවය.
ඒ අය නිදහස් වු පසු දැන් දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යැයි කියනු ඇසෙන්නේද කලාතුරකිනි.
උතුරුට මෙන්ම නැගෙනහිරටද එසේ නොවේ.
ත්‍රස්ත පණත නිසා වසර 15 ක් සිරගත කොට සිට ජනපති සමාව යටතේ නිදහස් වු සමාජ ක්‍රියාකාරිකයෙකු පසුගියදා කිලිනොච්චියේදි හමුවිය.ඔහු කියා සිටියේ එසේ දිගුකාලයක් තවමත් සිරගත කොට ඇති 30කට ආසන්න පිරිසක් සිටින බවය.
ත්‍රස්ත පණත දකුණට බලපාන බව 1983තරම් ඈත කාලයකදි උතුරේ දේශපාලන ක්‍රියාකාරින් වඩාත් නිවරදිව ප්‍රකාශ කොට තිබුණද එය දේශපාලනිකව නි ලෙසින් තේරුම් ගැනිමට තරම් පරිණත බවක් දකුනේ වාම ,ප්‍රගතිශිලින් හට තිබුනේ නැත.
එපමණක් නොව උතුරේ අරගලය පොඩි පට්ටම් කිරිම සඳහා හමුදාවට සෙත්පතා නැටු විගඩම් වලට නායකත්වය දුන් ඊනියා වාමාශිකයන් ගැන ඇත්තේ පිළිකුලක් සහ ලැජ්ජාවකි.
දකුණ තුල තවමත් ක්‍රියාත්මක වන්නේ ග්‍රෝත්‍රික දේශපාලනයකි.මේ නිසාම උතුරු සහ නැගෙනහිර කැදවා තිබුන අරගලයට දකුණ දැක්වු ප්‍රතිචාරයෙන්ම එය ඉතා පැහැදිලි වනු ඇත
.
දකුනේ රැඩිකල් යැයි කියා ගත් වාමාංශික පක්ෂ විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල උතුරු නැගෙනහිර හර්තාලය වාර්තා කර තිබුන අන්දම ගැන මදකට විමසා බැලිම තුල මෙය වඩාත් තහවුරු වනු ඇත.
එබැවින් මේ ග්‍රොත්‍රිකත්වයක් ඉක්මවා ගිය ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාවය අද ඉතා තදින්ම දැනෙමින් තිබේ
දකුණේ දේශප්‍රේමි ඡන්ද ගැන ගණන් හදමින් ඒ දෙසම බලමින් සිටින දේශපාලන බලවේගය වලට එවැනි ඒකාබද්ධ අරගල ක්‍රියාත්මක කළ නොහැකි බව දැන් ඉතා පැහැදිලිය.