Friday, June 13, 2025

ප්‍රගීත් එක්නැලිගොඩ: අතුරුදහන්කිරිමේ නඩුවේ සාක්ෂි වලට බලපෑම් කළ‍ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි අර්ජුන රිමාන්ඩ්

Must read

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂිකරුවෙකු වූ මුරලි හෙවත් සුරේෂ් කුමාර් නමැති සාක්ෂිකරුට බොරු සාක්ෂි ලබා දෙන ලෙස තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි අර්ජුන කුමාරරත්න ජූනි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සාවද්‍ය සාක්ෂි ලබා දීම

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් ගොනු කරනු ලැබ තිබුණු අතර එහි විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි අර්ජුන කුමාරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබිණි.

එම නඩුව ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ සාක්ෂි දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියන මුරලි හෙවත් සුරේෂ් කුමාර් නමැති සාක්ෂිකරුවෙකු තමා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත සහ මහේස්ත්‍රාත්වරයා වෙත සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව සඳහන් කරනු ලැබ තිබිණි.

උපුටා ගැනීම – www.bbc.com/sinhala

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article