යුද හමුදා අධි ආරක්ෂිත කලාපය තුළ පැවති යාපනය – අච්චුවේලි සිට පෙඩ්‍රෝගා වෙරළ දක්වා දිවෙන මාර්ගය බ්‍රහස්පතින්දා (10) උදෑසන 6.00 ට පමණ සම්පූර්ණයෙන්ම විවෘත කරන ලදී.
මේ මාර්ගය විවෘත කර තිබුනේ වසර 34කට පසුවය.රදේශවාසීන්ගේ සහ මහජනතාවගේ දැඩි ඉල්ලීම මතයි.
මෙම මාර්ගය පලාලි අධි ආරක්ෂක කලාපය තුළ පිහිටා ඇති අතර හමුදා බැරැක්ක හරහා ගමන් කරනු ලබයි
කොන්දේසි කිහිපයක් මත පදනම්ව මෙම මාර්ගය විවෘත කර ඇත. කොන්දේසි බැනරයක ප්‍රදර්ශනය කර ඇත. ඒ අනුව, අදාළ මාර්ගය විවෘතව පවතින්නේ පෙ.ව. 6:00 සිට ප.ව. 5:00 දක්වා පමණි.
මාර්ගයේ ගමන් කරන වාහන මාර්ගය මැද නතර කිරීම හෝ හැරවීම තහනම්ය.
මාර්ගය දෙපස ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම තහනම්ය.
පාරේ ඇවිදීම තහනම් කිරීම.
මගී ප්‍රවාහන බස් රථ හැර ට්‍රක් රථ ගමන් කිරීම තහනම්ය.
වාහන ධාවනය කළ හැක්කේ පැයට කිලෝමීටර 40 ක උපරිම වේගයකින් පමණි.
රියදුරන් සහ වාහනය පදවන අනෙකුත් සියල්ලන්ම ගමන් කරන අතරතුර හැඳුනුම්පත් ලේඛන රැගෙන යා යුතුය.
මෙම කොන්දේසිවලට අනුකූල වීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද උපදෙස් දී ඇත. මෙම මාර්ගය වසර 34 කට පමණ පසු විවෘත කර තිබීම විශේෂත්වයකි.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඒම්.ඒ් සුමන්තිරන් සිය ෆේස් බුක් පිටුවේ පහත සටහන පළකර තිබුණි.
සීමාවන් සහිතව විවෘත මාර්ගය සාදරයෙන් පිළිගනිමු.
නමුත්,
රටේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට ඡන්දය දුන් අයට නීති විරෝධී සීමාවන් පැනවිය හැකිද?
මෙය නීතියෙන් ප්‍රකාශයට පත් කරන ලද ‘අධි ආරක්ෂිත කලාපයක්’ නොවේ. සවස 6 සිට අලුයම 5 දක්වා එය වසා දමා කිසිවෙකුට ඇවිදීම වැළැක්වීමට අවසර දී ඇත්තේ කුමන නීතියටද?
වඩා වැදගත් ප්රශ්නය:
මැතිවරණ ළඟා වන විට පමණක් ඔබ මාර්ග විවෘත කරනවාද?