ඔක්තෝබර් 10 වනදා සිට පලාලි ගුවන්තොටුපලේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
එහිදී පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බවද එතුමා වැඩිදුරටත් සදහන් කලේය. ගුවන් තොටුපල හේතුවෙන් නිර්මාණය වන රැකියා ලබාදීමේදී උතුරු පළාත් ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දෙන බවද අමාත්‍යවරයා සදහන් කලේය.