පලස්තීන ජනතාවට සහය පළ කරමින් අහිංසක පලස්තීන දරුවන් සහ ජනතාව අමානුෂික ලෙස ඝාතනය කරන ඊශ්‍රායලයට එරෙහිව සිකුරාදා ඔට්ටමාවාඩි නගරයේ විරෝධතා රැලියක් පැවැත්විණි.
ශ්‍රී ලංකා ජමියතුල් උලමා කල්කටා ශාඛාවේ මගපෙන්වීම යටතේ කල්කුඩා මුස්ලිම් පල්ලි සහ සමාජ සංවිධාන එක්ව ජිමා යාඥාවෙන් පසු මෙම විරෝධතා රැලිය පැවැත්විණි. ප්‍රදේශයේ සතර දෙසින්ම විශාල පිරිසක් සහභාගී වූ අතර ඊශ්‍රායලයට එරෙහිව ලියැවුණු පුවරුද රැගෙන ප්‍රහාරය නවත්වන ලෙස බලකරමින් සටන් පාඨ ද නඟා සිටියහ.
පලස්තීන ජනතාවට සහය පළ කරමින් කල්කුඩාවේදී විරෝධය
