පරිභෝජනයට සුදුසු ඇසුරුම් සමඟ කලවම් කර අලෙවිය සඳහා සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු ශක්තිජනක පාන ඇසුරුම් 31,000ක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත්වී තිබෙනවා.
මෙසේ වැටලූ ශක්තිජනක පානයන් වල කල්ඉකුත්වීමේ දිනය පසුගිය ජුලි 26වනදා බවයි පාරිභෝගික අධිකාරයේ නිලධාරීන් පවසන්නේ. මිලිලීටර 300 බැගින් වූ ශක්තිජනක පාන අයත්වන ආයතනයට එරෙහිව නඩු පැවීමටත් මේවන විට කටයුතු කර තිබෙනවා.