Saturday, September 21, 2024

පන්සලේ පිරිත් නොදැම්මැයි කියමින් හිමිනමක් තවත් හිමිනමකට පහර දීලා

Must read

ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් දෛනික සිදුකරන පිරිත් විකාශනය ඊයේ (24) දිනයේදී විකාශනය නොවීම සම්බන්දයෙන් එම විහාරස්ථානයේ දෙනමක් අතර ඇතිවූ මතභේදයක් දුරදිග යාමෙන් එක් හිමිනමක් විසින් අනිත් හිමිනමට කැත්තකින් පහරදීමේ පුවතක් පිළිබද අද වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයකින්ය.

සිදුවීමෙන් තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්‍රදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර උන්වහන්සේගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිදුවීඹ සම්බන්දයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article