Friday, September 20, 2024

පට්ටිපොංගල් දිනය වෙනුවෙන් මයිලත්තමඩු තණබිම් වල ගවයන් නිදහස්කරගැනීමට විරෝධතාවයක්

Must read

මචෙල් පට්ටිපොංගල් දිනය වෙනුවෙන් පසුගිය 15 වනදා පට්ටිපොංගල් දිනය යනු තෛයිපොංගල් උත්සවයේ තවත් චාරිත්‍රයකි. ගොවියන් අස්වැන්න නෙලා කිරී ඉතිරීමේ මංගල්‍යයෙන් පසු අස්වැන්න සපයාගැනීම සදහා තමන්ට උදව් උපකාර කරන ස්වභාධර්මයට සහ අනෙකුත් දෑ වෙනුවෙන් උපහාර පිදීමේ චාරිත්‍රාංග තෛයිපොංගල් උත්සවයේ අනෙකුත් අවස්ථා වේ. පට්ටිපොංගල් යනු  ගවයින්ට උපහාර පිදීමේ උත්සවයයි. මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් පට්ටිපොංගල් උත්සවය වෙනුවෙන් සාමකාමී විරෝධතාවයක් පවත්වන ලදී.   මෙම විරෝධතාවයට හේතුව වූයේ වර්තමාන රජය යටතේ මඩකලපුව මයිලත්තමඩු – මාධවනෙයි ප්‍රදේශයේ ගව පට්ටි හිමි සාම්ප්‍රදායික ගොවියන් හට සිදුවී ඇති අසාධාරණයයි. ගොවින් හට සාම්ප්‍රදායිකව හිමිව ඇති තණබිම් වෙනත් ප්‍රෙද්ශ වල ජනතාව විසින් නීතිවිරෝධී ලෙස අත්පත්කරගනිමින් සිටින අතර එම තණබිම් වල සිටින ගවයන් අතුරුදහන්වන අතර සමහර ගවයන්ට හිංසා කරන බව ගොවීහු චෝදනා කර සිටිති. මෙම ගැටළුවට විසදුමක් ලබාදෙන ලෙස මඩකලපුව මයිලත්තමඩු -මාධවනෙයි ප්‍රෙද්ශයේ ගවයින්ගේ අයිතිකරුවන් රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සදහා පිළිතුරක් ලැබී නොමැත.  මෙම විරෝධතාවයට හිටපු මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා දෙමළ ජාතික පක්ෂයේ මාධ්‍ය ලේකම්, පත්රිප්පු මැතිවරණ කොට්ඨාශයේ නායක පී.ආරියනේත්තිරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී යෝගේස්වරන්  මහත්වරුන් සහභාගී වූහ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article