Saturday, March 7, 2026

නීති විරෝධී මසුන් ඇල්ලීම තහනම් කරන ලෙස මුලිතිව් ධීවරයෝ විරෝධතාවයක

Must read

නීති විරෝධී මසුන් ඇල්ලීම නියාමනය කරන ලෙසත් ධීවර සම්පත් ආරක්ෂා කරන්නන්ට තර්ජනය කරන සමාජ විරෝධී කොටස් පාලනය කරන ලෙසත් රජයට බල කරමින් විරෝධතාවක් පසුගිය 21 වනදා මුලතිව් හිදී පැවැත්විණි. මෙම විරෝධකාවය ධීවරයින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ නීති විරෝධී ධීවර කටයුතු ඉහළ ගොස් ඇති අතර එය පාලනය කරන ලෙස ධීවරයින් නිරන්තරයෙන් ඉල්ලා සිටිති. මෑත කාලයේ දී, මුහුදේ සහ නන්දි මුහුදු ද්‍රෝණිය ඇතුළු බලපෑමට ලක් වූ ප්‍රදේශවල නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා පියවර ඉතා බැරෑරුම් ලෙස ගෙන ඇත.

මෙම සන්දර්භය තුළ, නීති විරෝධී මසුන් ඇල්ලීමට එරෙහි සටනට සම්බන්ධ ධීවරයෙකුට අයත් යතුරුපැදියක් මෑතකදී ගිනි තබා විනාශ කරන ලදී. නීති විරෝධී ධීවර කටයුතු පාලනය කිරීමට කටයුතු කරන අයට එල්ල වන තර්ජන නතර කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය දියත් කිරීම විශේෂත්වයකි.ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article