Sunday, May 11, 2025

නීති විරෝධි පෝස්ටර් හැමතැනම – ෆැපරල් කියයි !

Must read

පළාත් පාලන ආයතන ඡන්දයට අදාළව නීති විරෝධී පෝස්ටර් සෑම ස්ථානයක ම වාගේ මේ වන විට දක්නට ලැබෙන බව ත් ඒවා වහා පාලනය විය යුතු බව ත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (පැෆ්රල්) සංවිධානය සඳහන් කර ඇත.

නීති විරෝධී ප්‍රචාරණ දැන්වීම් හා පෝස්ටර් ඉවත් කිරීමට බලපාන නීති රාශියක් පවතින බැවින් එම නීති ක්‍රියාත්මක වීම කඩිනම් විය යුතු බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත පවසා තිබේ.

පරිසර නීතිය, පළාත් පාලන ආයතන නීති, මහා මාර්ග පිළිබඳ නීති සහ සාමාන්‍ය නීති ක්‍රියාත්මක වීමෙන්ද නීති විරෝධී පෝස්ටර් ප්‍රදර්ශනය මැඬපැවැත්විය හැකි බව හෙතෙම අවධාරණය කළේ ය.

මැතිවරණ ප්‍රචාරයේදී දේශපාලන පක්ෂ, කණ්ඩායම් නීත්‍යනුකූල ක්‍රමවේද අනුගමනය කළ යුතු බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article