
නාවලපිටිය නගර සභාවේ සභාපති සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි අද (30) ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් අධික ලෙස රා පානය කර සුදු ක්‍රිඩා කරමින් සිටි බව වාර්තා වේ.