ඉරානමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනට ලක්ව සිටි පුද්ගලයන් 175 ක් පසුගිය 11 වනදා සිය නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව ගියහ.
කොළඹ බණ්ඩාරා නායක මාවතේ කොරෝනා ආසාදිතයන් හමුවිමෙන් පසු එහි සිටි පිරිස් විවිධ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලද අද ඉන් 175 දෙනෙකු ඉරානමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට එවා තිබුණි.
ඔවුන් නිරෝධායනය නිමවා PCR පරීක්ෂණ වාර්තාවේ කිසිදු ආසාදනයක් නොමැති බව තහවුරු කිරීමෙන් පසු පසුගිය 11 වෙනිදා සිය නිවෙස් වෙත යවා තිබුණි.
ඉරානමඩු ගුවන් හමුදාවේ අනුග්‍රහය මේ නික්ම යාම වෙනුවෙන් සුබ පැතිමේ උත්සවයද පැවැත්විණි.
.