Friday, September 20, 2024

නැවතත් කොවිඩ්19 වැළදුණ කාන්තාව ගැන වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ පැහැදිලි කිරීම

Must read

අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්ථා වූ නැවතත් කොවිඩ්19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ කාන්තාවගෙන් වෙනත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගිය  කාලය තුලදීත් වාර්තා වූ බවත් මෙවැනි රෝගීන් සම්පුර්ණයෙන් විෂබිජ හරණයකට ලක්ව ඇති බැවින් ඔවුන් ගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමක් හෝ රෝග පැතිරීමක් සිදුනොවන බවයි.

මෙම රෝගීන්ගේ ශරිරයන් තුල තිබෙන මියගිය RNA කොටස් හේතුවෙන් ඔවුන් යළි රෝගීන් බවට පත්වීම සිදුවන බවත්, කොවිඩ්19 ආසාදනයෙන් සුවය ලැබූ පුද්ගලයෙකු රෝහලෙන් පිටව යාමට දෙපර දෙවරක් PCR පරික්ෂණයට ලක් කරන බවත්,මෙම කාන්තාවටද එසේ පරීක්ෂණ සිදුකල බවත් වෛද්‍ය ජාසිංහ මහතා සදහන් කර සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article