
මෙලෙස ඉන්දීය තමිල්නාඩු ප්‍රදේශයේ ධීවරයින් හා ඔවුන් පැමිණි යාත්‍රා 12 මෙරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තතේ ඔවුන් ශ්‍රී ලංකාවට අයත් මුහුදේ මසුන් අල්ලමින් සිටින අවස්ථාවකදීයි.නමුත් තමිල්නාඩු ධීවරයින් පවසන්නේ, ඔවුන්ට පෝක් සමුද්‍රසන්ධියෙහි සාම්ප්‍රදායික මුහුදු සීමාවන් තුළ මසුන් ඇල්ලීමට ඉඩ දිය යුතු බවයි.මේ වනවිට තමිල්නාඩු අමාත්‍ය කේ.පලනිස්වාමි විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිරභාරයේ පසුවන 64දෙනෙක් වූ ඉන්දීය ධීවරයන්ගේ හා 125ක් ධීවර යාත්‍රාවල ආරක්ෂාව හා ඔවුන් මුදා ගැනීමට මැදිහත් වන ලෙසයි.