එළඹෙන වසර සදහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමෙන්තුව විසින් රුපියල් මිලියන 2400 ක් වැය කොට මුද්‍රණය කල පෙළපොත් මිලියන 40ක් මේ වසරේ පාසල් නිවාඩුව ලබාදීමට පෙර සිසුන් අතට පත් කිරීමට අපොහොසත් වීම සම්බන්දයෙන් ලංකා ගුරු සංගමයේ ලේඛම් ජෝශප් ස්ටාලින් මහතා චෝදනා කර සිටී.
ඔහු පවසන්නේ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ගේ වැරදි මත මෙය සිදුව ඇති බවයි.
2017 වසරේදීද 2018 වසර සදහා පෙළපොත් මුද්‍රණය කර තිබුණේ මිලියන 27ක් පමණක් බැවින් ප්‍රමාණවත් පරිදි පාසල් වෙත පෙළපොත් නොලැබී තිබිණි.