Wednesday, January 22, 2025

නව කථානායක ජගත් වික්‍රමරත්න !

Must read

පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.ජගත් වික්‍රමරත්න පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391කි.වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති වික්‍රමරත්න, පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

හිටපු කතානායක අශෝක රංවල ඉල්ලා අස්වීමත් සමග කථානායක ධූරය හිස්ව පවතී. නව කථානායකවරයකු පත්කර ගැනීම හෙට රැස්වන පාර්ලිමේන්තුවේදී සිදුකෙරෙනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න  අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී පත්කර ගැනීමට නියමිතව ඇතැයි පැවසේ.

මීට පෙර නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුණආරච්චි යන තිදෙනාගේ නම්ද කථානායක ධූරය වෙනුවෙන් යෝජනාවී තිබිණි.

මේ අතර සමගී ජන බලවේගය විසින්ද කථානායක ධූරය වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට තීන්දුකර ඇත.

(මුලාශ්‍රය – lankadeepa)/ theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article