Monday, December 23, 2024

“ගුරුගෙදර” නව අධ්‍යාපන නාලිකාවේ ආරම්භය හෙට

Must read

(10.00 am)

” හැදෙන අපි හදන තැන ” යන තේමාව යටතේ ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා එනම් හෙට සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00 දක්වා ද රාත්‍රී 10.00 සිට රාත්‍රී 12.00 දක්වාද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට හිමිවේ. ඉන්පසු සෑම දිනකම එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4.00 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.

මෙම නාලිකව හරහා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, උසස් පෙළ සදහා කලා විෂය ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.

එමෙන්ම විශේෂයෙන් සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාළ ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.

මෙම අධ්‍යාපන නාලිකව සදහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ DP අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව සිටින අතර උසස් අධ්‍යාපන අමාත්‍යාංශය,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මගින් ද සෑම දිනකම රාත්‍රී 10.00 සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට නියමිත බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article