Thursday, January 23, 2025

දේශපාලන බලයෙන් ටර්පන්ටයින් ගස් 20ක් කපලා… නීතිවිරෝධීවත් ඉඩමකුත් අල්ලගෙන… චාමර සම්පත්ටත් චෝදනා…

Must read

දේශපාලනඥයෙකුගේ සමීපතමයන් යැයි කියන පුද්ගලයන් දෙදෙනකු ව්‍යාජ ලේඛණ සකස්කර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ පිහිටි පස්සර කනවරැල්ල වතුයායට අයත් මාවුස්සාගොල්ල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 80කට පමණ අධික වටිනාකමකින් යුත් ටර්පන්ටයින් ගස් 20කට අධික සංඛ්‍යාවක් කපා ඇතැයි එම වතුයායේ අධිකාරීවරයා නමුණුකුල පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අවසරයක් සහිතව මෙම බිම් කොටසේ ගස් කපා ඇති බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙම බිම් කොටස අයිති වුවත් මෙම වතු ප්‍රදේශය පෞද්ගලික අංශයට 99 අවුරුදු බදු මත පවරා ඇති බවත් වාර්තා වේ. වතු අධිකාරීවරයා සඳහන් කරන්නේ මෙම බිම් කොටමද තම ඉඩමටම අයිති කොටසක් බවයි.

ඒ හේතුවෙන් වැවිලි අමාත්‍යංශයේ අවසරයකින් තොරව මෙම බිම් කොටයේ ගස් කැපීමට අයිතිය ලබාදීමට ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නොහැකි බව එම වැවිලි සමාගම සඳහන් කරයි. එමෙන්ම මෙම වතු යායට මායිම්ව පිහිටි මැණික් ගඟේ අතු ගංඟාවක් වන කනවැරැල්ල ඔයේ රක්ෂිත ප්‍රදේශයේ පිහිට් ටර්පන්ටයින් ගස් කිහිපයක්ද මොවුන් විසික කපා තිබේ.

මෙම ගස් කපා දැමීමට සම්බන්ධ පිරිස ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකගේ සමීපතමයින් බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම ගස් කපා ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිර්දේශ මත ප්‍රාදේශිය ලේකම්ගේ අවසරය මත බැවින් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් තවදුරටත් වාර්තා වන්නේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මේ වනවිට මෙම දැව සංහාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා පොලීසියට, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිමේ නිලධාරීන්ට, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ වතු අධිකාරීවරයාට බලපෑම් කරමින් සිටින බවය.

කෙසේ වෙතත් මේ ගස් කපා ඇත්තේ මධ්‍යම පරිසර ආධිකාරියේ නිර්දේශවලට අනුව නොවන අතර කනවැරැල්ල ඔයේ රක්ෂිත ප්‍රදේශයේ පිහිට් ටර්පන්ටයින් ගස් කැපිම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර ආධිකාරියේ කිසිදු අවසරයක් ලබාදී නැතැයිද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article