Wednesday, January 22, 2025

දෙවෙනි කංජි දන්සලත් තහනම් වේ

Must read

මැයි මාසය උතුරු නැගෙනහිර ජනතාවට සතුටක් නොගෙනන මාසයක් වන අතර යුද්ධයේ අමිහිරි අත්දැකිම්,යුද්ධයේ අවසාන අදියරේදී ඔවුන් මුහුණදුන් භයානක, දුක්ඛිත අත්දැකීම් සිහිකිරීම ඔවුන්ගේ ජීවිතයේ අංගයක් බවට පත්ව තිබේ.එබැවින් සෑම වසරකම මැයි මාසයේදි යුද්ධයේදී දිවි පිදූ දමිළ ජනතාව වෙනුවෙන් පහන් දැල්වීම් ,  උපහාර පිදීම් සිදුකරන අතර පසුගිය වසරේ සිට කැඳ දානය සිදුකිරීම උතුරු නැගෙනහිර විවිධ ප්‍රෙද්ශ වල ජනාව රැස්වී සිදුකරනු ලබයි.
මේ අනුව අද 14 වනදා කල්මුණේදී පවත්වන්නට යෙදි තිබුණ කැඳ පිසීම අධිකරන නියෝගයකින්  නැවැත්විමට තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර මෙය සිදුකර ඇත්තේ පෙරියනිලාවනෙයි ස්ථානාධිපතිවරයාගේ නියෝගයකට අනුව බව වාර්තා වේ.

උපුටා ගැනීම theleader.lk

පෙරියනිලාවනෙයි ස්ථානාධිපතිවරයාගේඉල්ලීමට අනුව නියෝගය නිකුත් කරමින් කල්මුනේ මහේස්ත්‍රාත් එස්.එම්. එස්. එම් සම්සුදීන් ‘මුල්ලිවයික්කාල් කන්ජි’ දන්සලක් තහනම් කිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ සාමාජිකයන් සිහිපත් කිරීමේ අරමුනින් මෙවැනි ක්‍රියාකාරකම් සිදු කිරීම ත්‍රස්තවාදය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාවක් වන බැවින් මෙම තහනම් නියෝගය නිකුත් කරන බවයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක පුෂ්පරාජ් තුෂානන්දන්ගේ නමට නිකුත් කර ඇති අධිකරණ නියෝගයේ සදහන්ව ඇත්තේ මෙම තහනම මැයි 14 වැනිදා සිට මැයි 17 වැනිදා දක්වා බල පැවැත්වෙන බවයි.

අද මඩකලපුවේදී සංවිධානය කර තිබුණ කැඳ දානයටද ඒ ආකාරයෙන්ම පොලීසිය පැමිණ බාදා සිදුකර ඇත.
හිටපු පා.මන්ත්‍රී සිවනේසන්,මේරි බැස්ටියන් පියතුමා, සමාජ ක්‍රියාකාරි ලවකුමාර් ඇතුළු අතුරුදහන්වූවන්ගේ සංගමයේ සාමාජිකාවන් විසින් මෙම කැඳ දානය  දිම සඳහා සහභාගී වෙමින් සිටියදි එම ස්ථානයට පැමිණෙන පොලිස් නිලධාරින් එම දානය දිම නවත්වන ලෙස අනකර සිටින අතර පසුව මෙම ක්‍රියාකාරින් ඔවුන්ගෙන් අධිකරණ නියෝගය පෙන්වන ලෙස ඉල්ලා තිබේ. පොලිස් නිලධාරින් අත අධිකරන නියෝගයක් නොතිබි ඇති අතර පොලිසිය විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දුරකථන ඇමතුමක් ගෙන එම ස්තානයට පැමිණෙන ලෙස දන්වා තිබේ.පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද මෙම ස්ථානයට පැමිණ පරික්ෂා කර ඇති අතර ජනතාව විසින් මෙම දානය නොනවත්වා සිදුකර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article