Thursday, January 23, 2025

දෙමළ දේශපාලන පක්ෂ වල එකමුතුව අවධාරණය කරමින් මල්ලාවි නගරයේ දෙවන දිනටත් විරෝධතාවක්

Must read

උතුරු නැඟෙනහිර සම්බන්ධීකරණ කමිටුව විසින් සංවිධානය කරන ලද දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවේ අවශ්‍යතාවය අවධාරණය කිරීමේ විරෝධතාවක් දෙවන දිනටත් අද මල්ලාවි බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්විණි. විරෝධතාකරුවෝ අද පෙරවරු 11ට මල්ලාවි බස් නැවතුම්පොළ ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂණයක නිරත වූහ.

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ එක්සත් උතුරු නැඟෙනහිර පළාතක් සඳහා ආපසු හැරවිය නොහැකි එකමුතුවක් අවධාරනය කිරීම සඳහා සියලු දෙමළ දේශපාලන පක්ෂ එකම පෙළකට එක්වන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පැවැත්විණි.

“උතුරු-නැගෙනහිර පළාත් යලි ඒකාබද්ධ කර උතුරු – නැඟෙනහිර වෙනම පළාත් ඒකකයක් ලෙස පිහිටුවිය යුතුය” “සියලු දෙමළ පක්‍ෂ එක්විය යුතුයි” යනුවෙන් විරෝධතාවට සම්බන්ධ වූවෝ ඉල්ලා සිටියහ.
“ඒකාබද්ද වූ උතුරු නැඟෙනහිර පළාතට මධ්‍යම රජය විසින් ආපසු හැරවිය නොහැකි වාර්ගික බලය බෙදීමක් ලබා දිය යුතුයි” වැනි සටන් පාඨ රැගත් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුවේ වැඩපිළිවෙළ යටතේ දෙමළ දේශපාලන පක්ෂවල එකමුතුව අවධාරණය කරමින් ඊයේ සිට දින පහක් අඛණ්ඩව උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අටේම එම විරෝධතාව ක්‍රියාත්මක කෙරේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ ක්‍රියාත්මක කළ විරෝධතාව අද දෙවන දිනටත් මල්ලාවි බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පවත්වන ලදී.

ෂන්මුගම් තවසිලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article