Friday, October 18, 2024

දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා !

Must read

ඉන්ධන දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

අනතුරින් අලි දෙදෙනෙකු මිය ගිය අතර රංචුවේ සිටි තවත් අලි ඇතුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

අද අලුයම 3.30 ට මින්නේරිය දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබුණි.

ඒ එම දුම්රිය කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදීය

එම දෙපාර්තමේන්තුව වාර්තා කළේ, ඉන්ධන මැදිරි හතරක් පීලි පැනීමත් සමඟ දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති අතර ඉන් දෙකක් පෙරළී ගොස් ඇති බවයි. දුම්රිය එන්ජිම සහ තවත් මැදිරියක්ද පීලි පැන ඇත.

අනතුර හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන් වේ

කොළඹ කොටුව සහ මඩකලපුව අතර සෘජු දුම්රිය දින කිහිපයක් ධාවනය නොවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

වන අලින් මේ ආකාරයෙන් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරිමේදි අනතුරු රැසක් සිදුව ඇති අතර මේ තත්වය පාලනය කිරිම සදහා විවිධ ක්‍රියා මාර්ග ගැනිමට සැලසුම් කර තිබුණද තවදුරටත් මේ ඛේදවාචක සිදුවෙමින් තිබේ.

ඡායා සහ මුලාශ්‍රය – ඩේලි මිරර් වෙබ් අඩවිය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article