හැටන්, දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා තැන්පත් කර තිබූ කාන්තා මළ සිරුරක් රෝහලේ සේවකයින් තිදෙනෙකු විසින් දූෂණය කරනු ලැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සිද්ධිය පදනම් කරගෙන වතු කම්කරුවන් පිරිසක් (මාර්තු 03 වන දා) රෝහල ඉදිරිපිට උද්ෂණයක ද නිරත වූහ.
දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ වයස අවුරුදු 23ක කාන්තාවකගේ මෘත දේහයක් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු රාත්‍රී කාලයේ දූෂණය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් වතු කම්කරුවන් ඇතුළු පිරිසක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
හැටන් පොලිස් වසමේ පදිංචිව සිටි 23 හැවිරිදි අදාළ කාන්තාන පවුල් ආරවුලක් හේතුවෙන් පෙබරවාරි මස 23 වන දා සිය දිවි හානි කර ගැනිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරීන් ඒ පිළිබඳ විධිමත් පරික්ෂණයක් පවත්වා සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සිරුර එදින රාත්‍රියේ දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.
එදින ම රාත්‍රියේ මෘත ශරීරාගාරයට ඇතුළු වූ බව කියන එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු මෘත ශරීරාගාරය වෙත ගොස් ඊට ඇතුළු වී, මෘත දේහයේ තිබූ ඇඳුම් ඉවත් කර ඇති බවට රෝහලේ මෘත ශරීරාගාරයේ භාරකරු දික්ඔය මූලික රෝහලේ අධිකාරිවරයා වෙත පැමිණිලි කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුව මිය ගිය තරුණියගේ ඥාතීන් රෝහල් පරිපාලනයෙන් කරුණු විමසා තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ පාලන අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින් වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක ප්‍රාදේශීය නායකයින් සහ වතු කම්කරුවන් පිරිසක් හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ, දික්ඔය මූලික රෝහල ඉදිරිපිට මාර්තු 03 වන දා උදෑසන උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු දක්වන ලෙස ය.
www.bbc.com


