Monday, March 31, 2025

දරු ප්‍රසූතියෙන් පසු තරුණ මවගේ සිරුර ලිඳකින් හමුවෙයි ??

Must read

පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදි පසුගිය 10 වනදා  තරුණ කාන්තාවක් නිවසේ ළිදට පැන සියදිවි නසාගෙන තිබේ.
මෙම කාන්තාව බිළිදෙකු ප්‍රසූත කර මුලතිව් රෝහලේ දින 11ක් ප්‍රතිකාර ලබමින් සිට නැවත නිවසට පැමිණ තිබුණි. නිවසට පැමණි ඇය පසුවදා මහ රාත්‍රියේ සියලු දෙනා නිදා සිටියදී නිවසින් පිටතට ගොස් තිබේ.

පවුලේ ඥාතීන් සහ අසල්වාසීන් එක්ව කාන්තාව සොයා බලා පෙරවරු 8 ට පමණ කාන්තාව අතුරුදන් වී ඇති බව පවුලේ අය පොලිසියට දැනුම් දී ඇති අතර ඉන් අනතුරුව පොලිසිය එම ස්ථානයට ගොස් සොයා බලා  සිරුර ළිදෙන් ගොඩගෙන ඇත.

සිද්ධියෙන් මියගියේ ඩෙනිස්රන් කිර්තානා නමැති 29 හැවිරිදි තරුණ විවාහක කාන්තාවක්.මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ෂන්මුගම් තවසීලන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article