Thursday, January 23, 2025

දමිළ සමාජ ක්‍රියාකාරිකයාට මරණ තර්ජන

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාන් ප්‍රදේශයේ පදිංචි සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන කේ.වී.ලවකුමාර් මහතා ගේ විසින් පසුගිය වනදා මඩකලපුව  මානව හිමිකම් කොමිසමට ගොස් තමන්ට ජීවිත තර්ජනයක් ඇති බවට  පැමිණිලි කර තිබේ. ඔක්තෝම්බර් 02 වනදා රාත්‍රී 11.30ට පමණ  යතුරු පැදි වලින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් පිරිසක් සිය නිවස ඉදිරිපිටට  පැමිණ තර්ජනය කළ බවත් ඔවුන්ගේ මුඛය රෙදිවලින් බැඳ තිබූ අතර ඔවුන්ගේ මුහුණු හිස්වැසුම්වලින් ආවරණය කර තිබු බවත් ඔහු පවසයි.
”අනවශ්‍ය වැඩ කරන බවත් ඒවා නතර කළ යුතු බවත් නැත්නම් මරණ බවත්, පසුගිය දේවල් නැවත හාරන් එපා ,  අපි ආවේ ඔයාට අවවාද කරන්න විතරයි”  යනුවෙන් පවසා ඔවුන් තර්ජනය කළ බව ලවකුමාර් පවසයි.
මේ සම්බන්ධයෙන් විමර්නශයක් සිදුකිරීම සදහා  පසුගිය 03 වනදා  මඩකලපුව පොලීසිය ඔහුගේ නිවසට ගොස්  ලවාකුමාර් මහතාගේ බිරිද සහ සාමාජිකයින්ගෙන් සාක්ෂි විමසීමක් සිදුකරන ලදි. එමෙන්ම ඒ අවට ප්‍රෙද්ශයේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරා උපකරණ පරීක්ෂා කිරීමේ කටයුතු පොලීසිය විසින් ආරම්භ කරන ලදී.

රූත් රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article