Friday, September 20, 2024

තොණ්ඩමන්ගේ ආදාහනය පමණක් නිරෝධායන නීති වලට අනුකූලවලු

Must read

අභාවප්‍රාප්තත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව අද (31) කොටගල,නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් කටයුතු සදහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා ඇතැයිද වාර්තා වෙයි.

දින 5ක් තිස්සේ ක්‍රියාත්මක වන තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය අවස්ථාවන් සදහා රටේ රාජ්‍ය නායකයා, සියලු දේශපාලන නායකයන් හා පාක්ෂිකයන් සහභාගී වූයේ සියලුම නිරෝධායන නීති කඩකරමින් බව පසුගිය දින කිහිපය තුල දැකගැනීමට හැකිවිය. ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, පොලිස් ප්‍රධානීන් දැඩි විවේචනයට ලක්වනු දැකගැනීමට හැකිවිය. එම විවේචන ඔස්සේ අවසාන මොහොතේ හෝ ජාමේ බේරා ගැනීමට රජය හා අනෙකුත් ප්‍රධානීන් කටයුතු කරන ආකාරය අද දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි පැනවීම තුලින් සටහන් වූ අතර අද සෞඛ්‍ය අමාත්‍යංශයට නිරෝධායන නීති නැවත මතක් වීමද එකී විවේචන වලින් විලි වසා ගැනීමට සිදුකල ප්‍රයත්නයක් බව පැහැදිලිය.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අතර ජනාධිපති,අගමැති ඇතුලු සියලු දේශපාලන නායනයන්, තොණ්ඩමන මහතාගේ පවුලේ සාමාජිකයන් හා පාක්ෂිකයන්ද නිරෝධායන නීති කඩ කරමින් හැසිරුණ ආකාරය පහත ඡායාරූප වලින් ඔප්පු වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article