නල්ලූර් ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස තේරී පත් වූ පී. මයුරන් , ත්‍යාග දීපම් තිලීපන්ගේ ස්මාරකය වෙත ගොස්, උපහාර දක්වමින් ආශිර්වාද ලබාගෙන තිබුණි.
නල්ලූර් ප්‍රාදේශීය සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම පසුගිය (13 ) සිකුරාදා ප්‍රාදේශීය සභා ශාලාවේදී සිදුව තිබුන අතර මයුරන් සභාපතිවරයා ලෙස ඒකමතිකව තේරී පත් විය.
සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු, ඔහු නල්ලූර් කෝවිල පිටුපස මාර්ගයේ පිහිටි ත්‍යාග දීපම් තිලීපන්ගේ ස්මාරකය වෙත ගොස්, ත්‍යාග දීපම්ගේ ප්‍රතිමාවට පහනක් දල්වා, මල් කළඹක් පුදා ආශිර්වාද ලබා ගත්තේය.
තිලිපන් දමිල ජනතාවට බලාපන ප්‍රධාන ඉල්ලිම් කිපයක් ඉන්දිය හමුදාවට ඉදිරිපත් කර මරාන්තික උපවාසයක නිරතව සිට මිය ගියේය.
1. හදිසි නීතිය යටතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම
2. පුනරුත්ථාපනය යන ලේබලය යටතේ ශ්‍රී ලංකා රජය විසින් කරන සිංහල ජනපදකරණය නැවැත්වීම
3. අන්තර්වාර පරිපාලන ඒකකයක් ඇති කරන තුරු සියළු පුනරුත්ථාපන කටයුතු අත්හිටවීම
4. උතුරු නැගෙනහිර පළාත් වල අළුතින් පොලිස් ස්ථාන ඇති කිරීම අත්හිටවීම
5. ග්රාමාරක්ෂක භටයින් නිරායුධ කිරීම හා හමුදා/ පොලිස් භාරයේ ඇති පාසැල් ගොඩනැඟිලි මුදාහැරීම.
1987 සැප්තැම්බර් 15 දින නල්ලූර්හි කන්දසාමි කෝවිලේදී තිලීපන් විසින් මාරාන්තික උපවාසයක් අරඹනු ලැබු අතර සැප්තැම්බර් 26 වනදා සිය ජිවිතය දෙමළ ජනඅරගලය වෙනුවෙන් පුජාකර තිබුණි.

