Friday, December 27, 2024

තිරිගු පිටි මිල අඩු කරන්න ප්‍රීමා බෑ කියයි

Must read

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය විසින් පුද්ගලික සමාගම් විසින් අවසරයකින් තොරව තිරිගු පිටි මිල වැඩි කිරීමට එරෙහිව කටයුතු කරන බව පැවසූවද  වැඩි කළ තිරිගු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම ලංකාවේ සියලුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතු වශයෙන් ප්‍රීමා සමාගම දක්වා ඇත්තේ ලෝක වෙළදපොළේ තිරිගු ඇට මිල ඉහළ යාමත්, ආනයනය කරන තිරිඟු ඇට සදහා රජය මගින් පනවා ඇති අධික බදු මුදලත් හේතුවෙන් මේ ආකාරයෙන් පිටි මිල ඉහළ දැමීම සිදුකල යුතුම බවයි.

ඒ අනුව ප්‍රීමා තිරිගු පිටි කිලෝවක් රු 90 සිට රු 100 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළදපොලේ අලෙවි කරනු ලබයි. තිරිගු පිටි මිල වැඩිවීමත් සමග පාන් මිල ඉහළ දැමීමට මෙන්ම වෙනත් බේකරි නිශ්පාදන වල මිල ඉහළ දැමීමටද බේකරි නිශ්පාදකයන් කටයුතු කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article