Thursday, January 9, 2025

තායිලන්ත පාපන්දු කණ්ඩායම බේරා ගැනීමේ අවසන් මෙහෙයුම් ඇරඹේ

Must read

අද දිනය සදහා මුදාගැනීමේ මෙහෙයුම් අද උදෑසන 10.08ට ආරම්භ කල බවත් කිමිදුම් කරුවන් 19දෙනෙකු ඒ සදහා එක්වන බවත් තායිලන්ත බලධාරීන් තහවුරු කර ඇත.මීට මිනිත්තු කිහිපයට පෙර www.theguardian.com වාර්ථා කර සිටියේ මොවුන් 5දෙනාවම අද දිනයේදී බේරාගැනීමට කටයුතු කෙරෙනවාද නැද්ද යන්න පිළිබදව මේ වන තෙක් තීරණයක් ගෙන නැති බවයි.

තායිලන්තයේ ලෙන තුල සිරවී සිටින පාපන්දු කණ්ඩාමේ දරුවන් 8 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර ඔවුන් සියළු දෙනාම මේ වන විට රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. පාපන්දු කණ්ඩායමේ පුහුණකරු ඇතුළු තවත් 5දෙනෙකු තවමත් ලෙනතුල සිරවී සිටින අතර ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. නමුත් මේ වන තෙක් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ. ලෙන තුල සිරවී ඇති දරුවන් අතර පාපන්දු කණ්ඩායමේ සිටි ලාබාලතම ක්‍රීඩකයා වන වසය අවුරුදු 11වන දරුවාද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article