Friday, January 10, 2025

ත්‍රිරෝදරථ රියැදුරන් ලක්‍ෂයකට මේ වසරේදී වෘත්තීය පුහුණුව

Must read

ත්‍රිරෝද රථ රියැදුරන් ලක්‍ෂයකට මේවසරේදී නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) තීරණය කර තිබේ.

2000කට වැඩි පිරිසක් මෙලෙස වෘත්තීය පුහුණුව ලබාගැනීමෙන් පසු විවිධාංග නිපුණතා ශිල්පීන් සොයාගැනීම සඳහා ජංගම දුරකථන යෙදුමක්(App) හඳුන්වාදීමට තම ආයතනය සැලසුම්කර ඇතැයි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා %අද^ටසඳහන් කළේය.

එමෙන්ම දිවයින පුරා පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) ශාඛා මගින් මෙම වෘත්තීය පුහුණුව ත්‍රිරෝද රථ රියැදුරන්ට ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.‍

ශ්‍රීලංකාව තුළ ත්‍රිරෝදරථ ප්‍රමාණය දෛනිකව ඉහළ යෑමත් සමග ත්‍රිරෝද රථ සඳහා ලැබෙන%හයර්^ ප්‍රමාණය දිනකට පැය 02කට වඩා අඩු බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබූ අතර,එය මාධ්‍යයේ පළවීමත් සමග ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වැඩි අවධානයක් යොමුවී ඇතැයිසාරංග අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

මේහේතුවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් ලක්‍ෂයකට නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීමට තම ආයතනය තීරණය කළ බවත්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු ත්‍රිරෝදරථ රියැදුරන් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග සම්බන්ධ වන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.

එමෙන්ම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් පවත්වනු ලබන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යම් පිරිසකට පුද්ගලයන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එක්රැස්කරගැනීමට හැකියාව ඇත්නම්, ඔවුන්ගේ ප්‍රදේශයට පැමිණ වෘත්තීය පුහුණුව ලබාදීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට හැකියාව ඇති බවත්, එසේ සිදුකිරීම ත්‍රිරෝද රථ රියැදුරන්ට තවත් පහසුවක් වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පෙදරේරු, වඩුකාර්මික, පයිප්පකරු, ගෘහස්ථ විදුලි කාර්මික, ලෝහ වැඩ, ඇලුමිනියම් වැඩ, කොණ්ඩා කැපීම, ලෝහ වැඩ, ගෘහවිදුලි උපකරණ අලුත්වැඩියාව සහ සේවාව, කාමර සේවා,භෝජනාගාර සේවා ආදී වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ජාතිකආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් මේවනවිට හඳුන්වා දී තිබේ.

මේවනවිට රටතුළලියාපදිංචිකර ඇති සමස්තවාහන සංඛ්‍යාව ලක්‍ෂ 78කට ආසන්න අතර, ඒ අතරින්ත්‍රිරෝද රථ ලක්‍ෂ 11කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබේ. ලක්‍ෂ 10කට වැඩි ත්‍රිරෝදරථ රියැදුරන් මෙරට ශ්‍රමබළකායේ සිටින බව මේවනවිට අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

“අපේ රටේ ඕනෑම ප්‍රදේශයක නිවාසවල, කාර්යාලවල නඩත්තු වැඩකටයුතු තිබෙනවා. නමුත් මේ සඳහා අවශ්‍ය පුද්ගලයන් අපට සොයාගන්න අමාරුයි. මෙවැනි නඩත්තු ශිල්පීන් ලෙස ත්‍රිරෝද රථ රියැදුරන්ට කටයුතු කරන්න හැකියාව තිබෙනවානම් ඔවුන්ට අමතර ආදායම් උපයාගන්න පුළුවන්. විවිධාංග නිපුණතා ශිල්පී පාඨමාලාව ඔවුන්වෙනුවෙන් අපි හඳුන්වාදුන්නේ මේනිසයි. 2000කට වැඩි පිරිසක් මේ පුහුණුව ලබාගත්තාට පසුව මේ සම්බන්ධ ජංගම දුරකථන ‘ඇප් එකක්’ හඳුන්වා දීමට අපි සැලසුම්කර තිබෙනවා. එවිට අපි අසලම ඉන්න නඩත්තු ශිල්පියාව සොයාගන්නත්, සේවාව ලබාගන්නත් හැකියාව ලැබෙනවා. මෙම පුහුණුවට සම්බන්ධවී වැඩි සේවාවන් ලබාගැනීමට එක්වන ලෙස ත්‍රිරෝද රථ රියැදුරන්ට මම ආරාධනා කර සිටිනවා” යනුවෙනි.

1951 කෙටි දුරකථන අංකයෙන් හෝ 011-2888782 යන දුරකථන අංකය ඇමතීමෙන් මේ සඳහා ලියාපදිංචි වීමට හැකියාව ඇතැයිද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සඳහන් කළේය.

 

(www.ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article