Friday, November 15, 2024

ත්‍රිමලේට ආපු MV Empress….

Must read

 

ඊයේ හම්බන්තොට වරායට ළඟා වූ Cordelia Cruises හට අයත් MV Empress නම් සුඛෝපභෝගී කෲස් නෞකාව ඊයේ  (08) දින ත්‍රිකුණාමලයට සේන්දු වී තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර – සෙන්තිල් තෝඩමන් මහතා ඇතුළු ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, නැගෙනහිර නාවික හමුදාපති, නියෝජ්ය පොලිස්පති, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පිරිස මෙම නෞකාව නිල වශයෙන් පිළිගෙන ඇත.

සංචාරකයින්ට ත්‍රිකුණාමලයේ සංචාරක ස්ථාන නැරඹීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද සැලසුම් කර ඇති බව ආණ්ඩුකාරවරයා කාර්යාලය සඳහන් කරයි.

මෙම නෞකාව, ඉන්දියාවේ සිට මෙරටට ආරම්භ වූ පළමු සුඛෝපභෝගී කෲස් නෞකාවයි.

ජුනි 05දා ඉන්දියාවෙන් ගමන් ඇරඹූ මෙම නෞකාව, ආපසු චෙන්නායි බලා පිටත් වීමට පෙර යාපනයේ කන්කසන්තුරේ වරායටද සේන්දු වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article