Friday, September 20, 2024

ත්‍රස්ත පණත සහ දකුණේ සිවිල් සමාජය ?

Must read

දකු⁣⁣ණේ ප්‍රතිපත්තිගරුක ප්‍රගතිශිලින් විසින් ඉතා ගැඹුරින් අවධානය යොමු කළ යුතු කරුණක් ගැන ඉතාමත් වැදගත් කෙටි සටහනක් ⁣ෆේස්බුක් පිටුවකදි නෙත ගැටුණි.මෙම කෙටි සටහන තබා තිබුනේ ප්‍රතිපත්තිගරුක ගුරු සංගම් නායකයෙකුවු ප්‍රේමවර්ධන මහතා විසිනි.

මෙම කෙටි සටහනට නිමිත්ත වි තිබුනේ ත්‍රස්ත පණත යටතේ අත්අඩංගුවට ගෙන ඇති දකුණේ ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙපලක්ගේ රුව සහිත ටිෂර්ට් එකක පින්තුරයකි.

ඔහු විසින් වඩාත් නිවරදි ලෙස දකු⁣නෙ අරගලකරුවන්ගේ ප්‍රතිපත්ති මුලික ස්ථාවරයන් ගැන මෙසේ ප්‍රශ්ණ කර තිබේ.

මේ ටී-ෂර්ට්වල දැක්වෙන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවන්ගේ ඡායාරූප අතරට සිවලිංගම් ආරුරන් වැනි අයගේ ඡායාරූපත් පැමිණි දා ට ලංකාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු කෙතරම් ඉහළ යයි ද?
(සිවලිංගම් ආරුරන් යනු ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුදු 14කට අධික කාලයක් නඩු පැවරීමක් නොකර රඳවා ගෙන සිටිය දී මෙම වසරේ හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්ය සම්මානය ලැබූ ලාංකික තරුණයෙකි. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි රඳවා තබා ගෙන සිටින්නේ ද මෙකී ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මය.)

මේ ටී-ෂර්ට්වල දැක්වෙන වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවන්ගේ ඡායාරූප අතරට සිවලිංගම් ආරුරන් වැනි අයගේ ඡායාරූපත් පැමිණි දා ට ලංකාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු කෙතරම් ඉහළ යයි ද?

ප්‍රේමවර්ධන මහතා විසින් මතුකරන මේ ඉතාමත් වැදගත් කරුණ ගැන යළිත් වරක් අවධාරණය කරන්නට සිතුනේ සිවිල් සමාජය ද මුල් වි ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති සිංහල සමාජ ක්‍රියාකාරින් දෙදෙනා ගැන පමණක් මතක් වි තිබිම නිසාය.

සමාජ දේශපාලන ක්‍රියාකාරින්ගේ ප්‍රතිපත්තිගරුක බව මනින ලිට්මස් ටෙස්ට් එක බවට දැන් ත්‍රස්ත පණත සහ එයට එරෙහි ප්‍රතිචාර දක්වන ආකාරය පත්ව තිබේ.

ප්‍රේමවර්ධන මහතා විසින් මතුකර කරඇති ටිෂර්ට් එකේ බරපැනටද ඇතැම් විට සිවිල් සමාජ සංවිධානයක් විසින්ම අනුග්‍රහය දක්වා තිබෙන්නටද පුලුවන.

දකුණේ වාමාංශික සමාජ ක්‍රියාකාරින්ගේ මෙන්ම ඇතැම් සිවිල් සංවිධානය ක්‍රියාධරයන්ගේද ප්‍රතිපත්තිගරුක භාවය සමාජය ඉදිරියේ දැන් වඩාත් හොදින් නිරාවරණය වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article