Wednesday, May 8, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මඩකලපුවේදී 08 දෙනෙකු අත්අඩංගුවට

Must read

පසුගිය 25 වැනිදා සිට 27 වැනිදා දක්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සියල්ලන්ටම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත.
මඩකලපුව – මහාවිරු දිනය යෙදී  තිබූ  පසුගිය 27 වනදා වවුනතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තිදෙනා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මඩකලපුව – වවුනතිව් පොලිස් ස්ථානය ඉදිරිපිටදී විරුවන්ට ඉටිපන්දමක් දැල්වීමේ චෝදනාව මත දෙමළ ජාතික ජනතා පෙරමුණේ   දිස්ත්‍රික් සංවිධායක ගණපතිපිල්ලේ කුකුලරාජා සහ ඔහුගේ පුතා කුකුලරාජා තනුජන් අත්අඩංගුවට ගනු ලැබුවේ මහවිරු දිනය දා සවසය.

ඒ සමගම තාණ්ඩියාඩි ‘මාවීර් තුයිලුම්'( විරු සොහොන් ) නිවස අලංකාර කිරීම සඳහා මඩකලපුවේ සිට අලංකාර භාණ්ඩ වාහනයකින් රැගෙන ගිය බවට එල්ල වූ ජංගම වීදි පරීක්‍ෂණයකදී කාර්දියපුරම් ප්‍රදේශයේ පදිංචි ජෙයබාලන් විනෝකරන් පොලිස් අත්අඩංගුවට පත් විය.

එම රථය නවතා පරීක්ෂා කිරීමේදී රතු සහ කහ පැහැති කොඩි සහ වයර් සොයාගෙන රියදුරු අත්අඩංගුවට ගෙන රථය පොලිස් ස්ථානයට රැගෙන යන ලදි.

මීට අමතරව, වාලච්චේනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිව්දෙනා දෙසැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වාකරේ සංචාරක අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 27 වැනිදා මහවිරු දිනය යෙදී තිබූ අවස්ථාවේදී ග්‍රාන්හි කේ.නිදර්සන්, ෆ්‍රැන්සිස් අන්රන් නිව්ටන්, නිව්ටන්, ධනුසන්, චන්දිවේලි ප්‍රදේශයේ පදිංචි ෂන්මුගනාදන් නවජීවන් යන අය වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 27 වනදා වවුනතිව් සහ  අත්අඩංගුවට ගත් පුද්ගලයින් 03 වන දිනට අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

නොවැම්බර් 25 වැනි දින ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ නියෝජ්‍ය නායක  එන්.සංකරපිල්ලේ හෙවත්  නකුලේෂ් නැමැත්තා වෙල්ලාවලිහි  පිහිටි ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කලුවංචිකුඩි සංචාරක අධිකරණ විනිසුරුවරයා සෙනසුරාදා (25) මේ බව නියෝග කළේය.

සෙනසුරාදා දින වෙල්ලාවලිහි  පිහිටි මඩකලපුව අම්පාර ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී රණවිරු මාපියන්ට උපහාර පිදීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර  රණවිරුවන්ගේ දෙමාපියන් එහි රැස්වූ විට පොලිසිය එම කාර්යාලයට ගොස් උත්සවය නතර කරන ලෙස නියෝග කළේය.

එමෙන්ම, අත්අඩංගුවට ගත් පුද්ගලයා කලුවංචිකුඩි සංචාරක අධිකරණ විනිසුරුවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු දෙසැම්බර් 8 වනදා දක්වා දින 14ක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article