Sunday, May 25, 2025

තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ?

Must read

රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත් රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසා තිබුණි.

. යාපනය, වේලෙනෙයි, නීර්වේලි, වඩමරාච්චි යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය. උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයේ ගැටළු ගණනාවක් තිබෙන අතර මාර්ග, ජලය, කෘෂිකර්මය, විරැකියාව වගේම අධ්‍යාපනය, සෙඛ්‍ය ඇතුළු සෑම අංශයකම ගැටළු පවතින බවත් මේ අතරින් බොහොමයක් ගැටළු ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශිය සභා, පළාත්සභා විසින් කළ යුුතු සංවර්ධන වැඩ නමුත් ඒක නිසි ආකාරය සිද්ධ වී නොමැති බවත් ඇය මේ සංචාරය තුලදි පවසන්නට යෙදුණි

මේ අතර උතුරු නැගෙනහිර බොහෝ හින්දු කෝවිල්වල, විශේෂයෙන් යාපනයේ ඓතිහාසික මාවිද්දපුරම් කන්දස්වාමි කෝවිලේ සිරිතක් ලෙස, එක පිරිමියෙක්වත් උඩ ඇඳුම් අදින්නේ නැත.

තතු එසේව තිබියදි කමිසයක් සහ ටයි පටියක් ඇඳගත් පුද්ගලයෙකු අගමැතිනි හරිනි සමගින් එහි ගොස් තිබුණි.

මේ සිදුවිම සමාජ මාධ්‍ය තුලද දැඩි විවේචනයකට ලක්ව තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article