Saturday, September 21, 2024

තලවිල මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

Must read


මාර්තු මාසයේදී තලවිල ශා.ආනා දේවස්ථානයේ පැවැත්වෙන් මංගල්‍ය වෙනුවෙන් මේ මස 7,8,9 යන තෙදින තුල විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

7වනදා සවස 2.10ට මොරටුව දුම්රිය ස්ථානයේ සිට පාලාවි දුම්රිය ස්ථානය දක්වාත්,සවස 3.40ට කොළඹ කොටුවේ සිට පාලාවි දක්වාත්රා,රාත්‍රී 9.10ට පාලාවියේ සිට හලාවත දක්වාත් මෙම දුම්රිය ධාවනය කිරීමට තීරණය කර ඇත.

මීට අමතරව 7 වැනි දින සවස 2.55 හා සවස 6.07ට පාලාවි දුම්රිය ස්ථානයේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

8 වනදා සවස 4.00ට පලාවි දුම්රිය ස්ථානයේ සිට මොරටුව දුම්රිය ස්ථානය වෙත දුම්රියක්ද, 9 වැනි දින කොළඹ කොටුවෙන් උදෑසන 9.35 හා සවස 1.10ට දුම්රිය ධාවනය වන අතර, එදිනම පාලාවි සිට කොළඹ කොටුව දක්වා සවස 2.55 හා සවස 6.07ට දුම්රියන් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව සාමාන්‍ය පරිදි දිනපතා උදෑසන දුම්රියන් ධාවනය වන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article