Friday, December 27, 2024

තරුණ තරුණියන් එන්නත්කරණයට විරුද්ධ වීමෙන් රටේම ප්‍රතිශක්තිකරණ වැටසටහන අවදානමක…

Must read

මෙරට තරුණ ප්‍රජාව විසින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සදහා වැඩි උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් මෙරට සෞඛ්‍ය වෘත්තිකයන් මෙන්ම මෙරට ප්‍රතිශක්තිකරණ වැටසටහනද අවදානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වන වෛද්‍ය වෘත්තිකයෙකු උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් මෙලෙස කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි.ඒ හේතුවෙන් තමන්ට ඇති සැකයන් හා ගැටළු වෛද්‍ය වෘත්තිකයන් වෙත ඉදිරිපත් කරන ලෙසට තරුණ තරුණියන් උනන්දු කර ඇති බවත් එහිදී ඔවුන් විසින් යොමු කරන ප්‍රශ්ණ බොහෝමයක් සිතා ගත නොහැකි තත්වයේ ප්‍රශ්ණ බවද ඩේලි මිරර් වාර්තා කර සිටියි. ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති බුද්ධිමත් තරුණ ප්‍රජාවක් වශයෙන් ඔවුන් යොමු කරන ගැටළු පුදුමාකාර බවත් එවැනි ප්‍රශ්ණ බුද්ධිමත් තරුණ පිරිසකගෙන් යොමුවීම පුදුම සහගත තත්වයක් බවත් වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව තුල එන්නත්කරණයට විරුද්ධ ව්‍යාපාරයක් ගොඩනැගෙමින් පවතීම හේතුවෙන් තරුණ දරුවන් විවිධ මිත්‍යා මත හා වැරදි වැටහීම් වලට ගොදුරු වෙමින් සිටියි. මෙම තරුණ පිරිස් සමග කල කතාබහවලදී හෙලිවී ඇත්තේ මොවුන් මෙලෙස එන්නත්කරණයට විරුද්ධ වන්නේ ඔවුන් විසින් සමාජ මාධය හරහා ඇසූ දුුටු දේ නිසා බවයි. ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බොහෝ දේ අසත්‍ය පදනම් විරහිත ප්‍රකාශ වන බැවින් තරුණ ප්‍රජාව එම ප්‍රකාශයන් විශ්වාස කිරීමද විමතියට කරුණකි.

එමෙන්ම මේ සම්බන්ද වෛද්‍ය මතය වී ඇත්තේ තව වසර 5 – 10ක කාලයකින් මෙම තරුණ දරුවන් දෙමාපියන් බවට පත්වන කාලය තුලදී ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන සම්පූර්ණ වී නොතිබීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුල මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන විශාල අවදානමකට ලක්වීමට ඉඩ තිබීම ඉදිරියේදී විශාල ගැටළුවක් බවට පත්වනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article