Friday, December 27, 2024

තම පාසලේම සිසුවෙකු අපයෝජනය කල රගර් ක්‍රීඩකයන් දෙදෙනෙකුට වසර 10ක සිරදඩුවම්

Must read

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක රගර් ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් එම පාසලේම 6වන ශ්‍රේණියේ සිසුවෙකුට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්දයෙන් රගර් ක්‍රීඩකයන් දෙදෙනා වැරදිකරු බවට කොළඹ මහාධිකරණය අද තීන්දු කලේය.ඒ අනුව එම ක්‍රීඩකයන් දෙදෙනාට බරපතල වැඩ සහිත වසර 10ක සිරදඩුවමක්ද නියම කෙරිණි.

මීට වසර 5කට පෙර සිසුව ඇති මෙම සිදුවීමට බදුන් වූ සිසුවාට රුපියල් ලක්ෂය බැගින් වන වන්දි දෙකක් ගෙවීමටද රගර් ක්‍රීඩකයන් දෙදෙනාට අධිකරණය නියම කලේය.එමෙන්ම තවත් රුපියල් 25000 බැගින් ක්‍රීඩකයන් දෙදෙනාට දඩ පැනවූ අතර එමදඩ නොගෙවන්නේ නම් තවත් මාස 43ක සිරදඩුවමකට ඔවුන් යටත් වන බවද ප්‍රකාශ කලේය.

දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සදහන්කර සිටියේ සියලු චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු වූ බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article