Friday, September 20, 2024

තමන් කොවිඩ් වලටත් වඩා භයාණක බව කරුණා අම්මාන් කියයි.

Must read

කොවිඩ් 19 වෛරසයට වඩා තමන් භයානක බව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසා ඇත. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ” කරුණා අම්මාන් කොරෝනා වෛරසයට වඩා භයානකයි” යනුවෙන් කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් සදහන් කර ඇත්තේ තමන් එල්ටිටිඊ සංවිධානයේ කරුණා අම්මාන් ලෙස ක්‍රියා කළ කාලයේදී එක් රැයක් තුළ අලිමංකඩ කඳවුරේ සිටි හමුදා සොල්දාදුවන් 2000-3000 අතර පිරිසක් ඝාතනය කළ බවත් එය මෙරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි බවයි.

එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් කරුණා පවසා ඇත්තේ යලිත් වරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ට කළ බවත්, තමන් විසින් එය ප්‍රතික්ෂේප කල බවත්,තමන් ජනතාවගෙන් වරමක් ලබා ගෙන පැමිණෙන බවත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා ගැනීමට තමන් ගේ කැමැත්තක් නොමැති බවට අගමැතිවරයා වෙත ප්‍රකාශ කළ බවයි.

පසුව පසුගිය මහින්ද රාජපක්ෂ මහතා ගේ ඉකුත් රජය සමයේ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article