අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ නිරෝධායනයට ලක්කර ඇති බව වාර්ථා වෙයි.ඔවුන් එසේ නිරෝධායනයට යොමු කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් ගේ කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමත් සමගය.
ඉකුත්දා ජනාධිපති ට්‍රම්ප් ඔහියෝ හිදී සහභාගිවූ රූපවාහිනී විවාදයට ද මෙම නිලධාරිනිය එක්වී ඇති බවත් එහිදී ඇය ජනාධිපතිවරයා සමග ඔහුගේ නිල ගුවන් යානයෙන් එකට ගමන් කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.එමෙන්ම මිනේස්ටෝ හිදී ජනාධිපති ට්‍රම්ප් සහභාගිවූ රැළියේදී ජනාධිපතිවරයා සිය හෙලිකොප්ටරයට ගොඩවන අවස්ථාවේදී ද මෙම නිලධාරිනිය ජනාධිපතිවරයාගේ ආසන්නයේ සිටි බවටද මේ වන විට හෙළිවී තිබේ.