Saturday, March 7, 2026

ජීවිතයට වඩා සෙල්පිය විශාල වීමේ ඛේදවාචකය

Must read

ඊයේ (01) වනදා මුලතිව්, කුමුඃමුණයි කොට්ටුකිනට්ටු පිල්ලෙයාර් කෝවිලේ පොකුණට වැටී සිසුවියන් දෙදෙනෙකු මිය ‌ගොස් ඇත. මොවුන් දෙදෙනාම මුල්ලියාවල විද්‍යානන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුුුුුුවියන් වේ. මෙම සිද්ධිය ඉයේ පස්වරු 1.00 පමණ  මුලතිව් දිස්ත්‍රික්කයේ කුමුඃමුණයි කොට්ටුකිනට්ටු පිල්ලෙයාර් කෝවිලේදී සිදුව තිබේ.

මෙම සිසුවියන් පොකුණට වැටී දියේ ගිලී ඇත්තේ සෙල්පි ඡායාරූපයක් ගැනීමට යාමේදී වන අතර සිසුවියන් තිදෙනොගෙන් ඒක් අයෙකු දියේ ගිලුන දෙදෙනා බේරාගන්නට උත්සාහ දැරූවද ඉන් පලක් වුයේ නැත.

ඒම දැරිය තම අසල්වැසියන්ට කතා කර ඔවුන් බේරාගෙන මුලතිව් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ නමුත් ඔවුන් ඒ වන විටත් මිය ගොස් තිබුණි.

මුල්ලියාවල විද්‍යානන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්. රස්මිලා සහ ආර්. ක්‍රිසිකා යන සිසුන් දෙදෙනා මේ ආකාරයෙන් මිය ගියහ.

මළ සිරුරු මුලතිව් දිස්ත්‍රික් රෝහලේ තබා ඇත.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article