Thursday, May 29, 2025

ජාත්‍යන්තර තායි සටන් කලා ක්‍රීඩා තරගාවලියේදී   පදක්කම් 10 ක් ශ්‍රී ලංකාවට.   .

Must read

 

පසුගිය මැයි 17 වැනිදා සිට 22 වැනිදා දක්වා තායිලන්තයේ,  බැංකොක් හී  ” නිමිබුටර් ” ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති මෙම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියේදී තායි සටන් කලා ක්‍රීඩා සහ බොක්සින් ක්‍රීඩා ඉසව්  කිහිපයක්ම බර පන්ති කීහිපයක් යටතේ සහ කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ වයස් කාන්ඩ කිහිපයක් යටතේ ද  තරග පැවැත්විණි.
ඒ සඳහා රටවල් 50 කට අධික තායි සටන් කලා ක්‍රීඩාව සහ බොක්සින් ක්‍රීඩාව  තුල අති දක්ෂතා පෙන්වන 600 කට අධික  ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වුහ. මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 10 දෙනෙකු සහභාගි වූ අතර  එහිදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 03 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ 03 ක් ජයග්‍රහණය කිරීමට හැකි ුවිය.
එලෙස එම තරගාවලියේදී ශ්‍රී ලංකාවට  සුවිශේෂී ජයග්‍රහණයන් හරහා සුවිශාල කීර්තියක් අත් කරදුන් එම ජයග්‍රාහී කණ්ඩායම පසුගිය 23 වෙන දින රාත්‍රී  ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී.

IMG 20250525 WA0008

එහිදී ” ජාත්‍යන්තර මුයිතායි බොරාන් සම්මේලනය (WMBF) , ජාත්‍යන්තර මුයිතායි සංවිධානය (WMO) සහ යුනියන් බොක්සින් සම්මේලනය (UBF) යන ජාත්‍යන්තර  ක්‍රීඩා සම්මේලන වල  ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලේකම් වන නාරායන් නුවන් ධනංජය මහතා ප්‍රකාශ කළේ මෙම සුවිශේෂී සහ කැපී පෙනෙන ජයග්‍රහණය මෙම කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ නොසැලෙන කැපවීම සහ නොපසුබට උත්සාහයත් එලෙසම කණ්ඩායමේ සාමාජිකයන් අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය සහ කණ්ඩායම් හැඟීම ඉතා උද්යෝගිමත් ලෙස ප්‍රදර්ශනය කිරීමේ ප්‍රතිඵලයක් බවයි.
එමෙන්ම ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මුයිතායි බොරාන් සම්මේලනය (WMBF) , ජාත්‍යන්තර මුයිතායි සංවිධානය (WMO), යුනියන් බොක්සින් සම්මේලනය (UBF) සහ  තායිලන්තයේ පිහිටි මුයිතායි ගුරු සංගමය (KMA) යන  ජාත්‍යන්තර  ක්‍රීඩා සම්මේලනවල හා සංගම්වල මෙරට ජාතික නියෝජිතයා සහ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරන අජාන් දුෂ්මන්ත පෙරේරා මහතා ලෝක සහ ආසියානු නියෝජිතයින් සමඟින් විශිෂ්ට ප්‍රගතියක් ලබා ගනිමින්, ජාත්‍යන්තර සටන් කලාවන්හි ශ්‍රී ලංකාවේ පැවැත්ම අඛණ්ඩව ඉහළ නංවාලීම සඳහා විශේෂිත වු කාර්යභාරයක් සිදුකර තිබෙන බවයි.
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මෙරට පළමු නිල මුයිතායි (Muaythai) සම්මේලනයේ නිර්මාතෘවරයා ලෙස ඔහුගේ පුරෝගාමී දැක්ම සහ නායකත්වය, ශ්‍රී ලංකාවේ සටන් කලා ක්‍රීඩා වල අනාගතය පරිවර්තනය කරමින් පවතී. එමෙන්ම ජාත්‍යන්තර  සංවිධානය ITMA-ක්‍රීඩා උළෙලේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ ග්‍රෑන්ඩ් මාස්ටර් වූඩි සමඟ වසර 22 කට අධික කාලයක් සමීප සහ සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම හේතුවෙන් අජාන් දුෂාන්ත පෙරේරා මහතාට ලබන වසරේ ආසියානු ජාත්‍යන්තර සහ තායි සටන් කලා තරගාවලිය  ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ ගෞරවය හිමි ව තිබේ.
තවද මෙම කණ්ඩායමේ  ප්‍රධාන පුහුණුකරු  ලෙස නාරායන් නුවන් ධනංජය මහතා කටයුතු කළේය. එලෙසම යසස් විතානගේ, චමිල නිශාන්ත සහ කුමුදු ප්‍රසන්න යන මහත්වරුන්ට ද මෙහිදී විශේෂ ස්තූතියක් හිමි වුහ.IMG 20250524 WA0203

ජාත්‍යන්තර සටන් කලා තරගාවලීන් තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරමින්, ජාත්‍යන්තර තීරකවරයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීම  පිළිබඳව මෙහිදී අමරතුංග අතපත්තු මහතාට විශේෂ ස්තූතියක්ද හිමි විය..

මෙලෙස මෙම තායි සටන් කලා තරගාවලියෙන් ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට අත්කර දුන්  මෙම ජාතික කණ්ඩායමේ නිල ඇඳුම සඳහා අනුග්‍රහකත්වය දැක්වීම වෙනුවෙන්  වී.එම්.ඩී. කන්සල්ටන්ස්  (VMD Consultants) ආයතනයේ  සභාපති සහ ශ්‍රී ලංකා WMBF, WMO සහ UBF හි අධ්‍යක්ෂකවරයෙකු වු වජිර ධනපාල මහතාට  මෙහිදී විශේෂ ස්තූතියක්  පල කලේය.

මෙම ජාත්‍යන්තර තරගාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම්  ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ගේ නම් පහත පළවේ.

A A සහ්ලාන් ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් U 16 වයස් කාණ්ඩයේ 57kg බර පන්තියෙන් රන් පදක්කම දිනා ගන්නා ලදි.

M R M ශහල් ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් U 14 වයස් කාණ්ඩයේ 57kg බර පන්තියෙන් රන් පදක්කම දිනා ගන්නා ලදි.

සසේන් කළුබෝවිල ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් U 18 වයස් කාණ්ඩයේ 60kg බර පන්තියෙන් රන් පදක්කම දිනා ගන්නා ලදි.

යන්සිළු දිනංජය ක්‍රීඩකයා මුයිතායි (ආධුනික) අංශයෙන් U 18 වයස් කාණ්ඩයේ 67kg බර පන්තියෙන් රිදි පදක්කම දිනා ගන්නා ලදි.

තිසර අංජන ක්‍රීඩකයා මුයිතායි (අර්ධ වෘත්තීය අංශයෙන්) අංශයෙන් ජ්‍යේෂ්ඨ කාණ්ඩයේ 51kg බර පන්තියෙන් රිදි පදක්කම දිනා ගන්නා ලදි.

M I M ඉමාන් ක්‍රීඩකයා බොක්සිං අංශයෙන් U 14 වයස් කාණ්ඩයේ 63.5kg බර පන්තියෙන් රිදි පදක්කම දිනා ගන්නා ලදි.

සන්දේශ් තීක්ෂණ ක්‍රීඩකයා  බොක්සිං අංශයෙන් ජ්‍යේෂ්ඨ වයස් කාණ්ඩයේ 91kg බර පන්තියෙන් රිදි පදක්කම දිනා ගන්නා ලදි.

කුමුදු ප්‍රසන්න ක්‍රීඩකයා මුයිතායි (වෘත්තීය) අංශයෙන් ජ්‍යේෂ්ඨ වයස් කාණ්ඩයේ 63.5kg බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.IMG 20250524 WA0202

චමත් රාජපක්ෂ ක්‍රීඩකයා මුයිතායි (ආධුනික) අංශයෙන් ජ්‍යේෂ්ඨ වයස් කාණ්ඩයේ 81kg බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.

රුසිරු රංගනාත් ක්‍රීඩකයා මුයිතායි (ආධුනික) අංශයෙන් ජ්‍යේෂ්ඨ වයස් කාණ්ඩයේ 71kg බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.IMG 20250526 WA00001

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article