Saturday, September 21, 2024

ජාත්‍යන්තරය හමුවේ ජනපතිව දිගටම පච කරන ශ්‍රි ලංකා පොලිසිය

Must read

ශ්‍රිලංකා ජනාධිපතිවරයා පළමු වරට එක්සත් ජාතින්ගේ සමුළුවට සභාගිවුයේ මෙවරය. ඔහු ඊයේ රාත්‍රියේ රාජ්‍ය නායකයන් හමුවේ සිය දේශනයද පවත්වන්නට යෙදුණි.
ජාතින්ගේ අන්‍යන්‍යතාවය ගැනද ඔහු ලෝක නායකයන් හමුවේ කරුණු දක්වා තිබුණි.

තතු ඒසේවි තිබියදි අද පෙරවරුවේ යාපනයේ නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිටද සුළු පිරිසක් එක්ව උපවාස කොට මිය ගිය තිලිපන් සමරා පහන් දැල්විමක් කිරිමට සුදානම් වෙමින් සිටියදි පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්ලවරාසා ගජේන්ද්‍රන්ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් සුදු පාට ජිප් රථයක් තුලට තල්ලු කරන දර්ශණ මේ වන විටත් ලෝකය පුරා ප්‍රචාරය වෙමින් තිබේ.

තතු එසේව තිබියදි ඒහි සිටින ඒක පොලිස් නිලධාරියෙකු ලැජ්ජා නැතිව කියා සිටින්නේ මන්ත්‍රිවරයා කැමැත්තෙනන්ම සුදු වෑන් රථයට නැගගත් බවය.

මිය ගිය දමිළ ජනයා සැමරිමට එරෙහිව ශ්‍රිලංකා පොලිසිය විසින් අධිකරණ නියෝග ලබාගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ස්ථාපිත කර ඇති මුලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කරමින් තිබේ.
ජනාධිපතිවරයා පසුගියදා නිව්යෝර්ක් නුවරදි කියා තිබුනේ ලංකාවේ ජනයාට සිය විරෝධතා පැවැත්විමට අයිතියක් ඇති බවය.

මිට දින කිපයකට ඉහතදි කොළඹ කොටුවේදි සෞඛ්‍ය නිතිවලට අනුකුලව විරෝධතාවයක නිරතව සිටි ස්වයං රැකියා ව්‍යාපාරිකයන් පිරිසක්ද චණ්ඩියන් ලෙසින් හැසිරුනු පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.මේ ඒක් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ ලංකාවේ මේ අකාරයෙන් විරෝධතා පැවැත්විය නොහැකි පවය.
පොලිස් ඇම‌තිගේ පොලිසිය විසින් රට ගිය ජනපතිව දිගින් දිගටම පච කරමින් සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article